Wednesday, November 18, 2015


අග පිපි මල් #15




දස්කොන් සබඳ ඇයි නුඹ අද මේ    විලසේ
ප්‍රමිලා මගෙයි ඇයි නුඹ හා හොර    රහසේ
අඩුවක් වීද සොඳුරේ නුඹ මා             වාසේ
කිරුළත් බරකි මට නුඹ නැත්නම්  පෙරසේ

෴ උදාර කොතලාවල ෴

Thursday, November 12, 2015



අග පිපි මල් #14


නැවතිය නොහැකි යා යුතු දිවි ගමන්  මග​
හිත වේදනායි පාළුව රජවෙලා             හුඟ​
උවැටැන් කරනු ගිලන් හිතට වෙලා     ලඟ​
සොඳුරුය නොඉනු තව කල්‍ යල් බලා මග​



෴ උදාර කොතලාවල ෴

Tuesday, November 10, 2015


අග පිපි මල් #5

දිනක් ඒවී දැකගන්නට
මගේ පිනට උපන් නුඹව..
නෑ ඒ හැටි හදිස්සියක්
මම ඉන්නවා නුඹ එනකන්..

මං ආසයි නුඹත් එක්ක
ඇවිදයන්න ලෝකේ පුරා..
නුඹත් එක්ක පින් කරනෙමි
යමු දෙන්නම එකට නිවන්..

දෙන්නෑ හිත නරි දෙනුන්ට
මං ඉන්නවා නුඹ එනකන්..
මොකටද මගේ හිතේ කොනක්
දෙන්නෙමි මුළු හිතම නුඹට..

෴උදාර කොතලාවල෴

Saturday, November 7, 2015





අග පිපි මල් #1

මටත් හොරෙන් නෙතට කඳුලු
දකිනා විට පෙම් යුවලු
සොදුරු අතීතයකි දෙඅත පැටලු
සිරකරුවෙකි මා අතීතය ගොලු

෴උදාර කොතලාවල෴